tag:blogger.com,1999:blog-44728397957555852202024-03-14T10:49:06.375+05:30Ahas_Gavvadark_knighthttp://www.blogger.com/profile/14925924245345115278noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-4472839795755585220.post-66774655971423654672012-05-19T19:40:00.003+05:302012-05-21T19:59:00.327+05:30ජීවිතේ මූලිකත්වයවිශාල ජෝගුවක් හා කවරයක් අතැතිව දිනක් මහාචාර්යවරයෙක් තම පන්තියට පැමිනියා. තම සිසුන් ඉදිරියේ සිටගත් ඔහු ජෝගුව ගෙන කවරයේ තිබූ ගල් කැටවලින් ජෝගුව සම්පූර්ණයෙන්ම පුරවා, "මේ ජෝගුව දැන් පිරිලද තියෙන්නෙ?" යැයි සිසුන්ගෙන් විමසුවා. සිසුන් එක හඬින් "ඔව්" යැයි පිළිතුරු දුන්නා. නැවත කවරයට අත දැමූ මහාචාර්යවරයා එහි තිබූ පස් අහුරු කිහිපයක් ජෝගුවට එක් කර එය මනාව සෙළවූවා. එවිට ගල් කැට අතර තිබූ හිඩැස්වලින් පස් ජෝගුව තුළට කිඳා බැස්සා. ඉන් පසු මහාචාර්යවරයා පෙර ප්‍රශ්නයම සිසුන් වෙත යොමු කළා"දැන් මේ ජෝගුව පිරිලද?". සිසුනුත් මහත් කුතුහලයෙන් යුතුව "ඔව්" යැයි පැවසුවා. නැවත කවරයට අත එබූ මහාචාර්යවරයා ඉන් සිහින් වැලි අහුරු කිහිපයක් ජෝගුවට එක් කොට සෙළවූවා. සිහින් වැලි, ගල් කැට හා පස් අතරින් ජෝගුව තුළට කිඳා බැස්සා. නැවතත් මහාචාර්යවරයා සුපුරුදු ප්රශ්නය සිසුන් වෙත යොමු කළා. සිසුන් ද සුපුරුදු පිළිතුර ම ලබා දුන්නා.

මදක් සිසුන් දෙස බලා සිටි මහාචාර්යවරය මෙසේ පැවසුවා.

මේ ජෝගුවත් හරියට අපේ ජීවිතය වගේ.මේකෙ තියෙන ගල් කැට හරියට අපේ ජීවිත වලට ඉතා වැදගත් අම්ම තාත්ත, බිරිඳ, දරුවො වගේ. පස් හරියට අපේ ජීවිත වලට යම්තරමකට වැදගත් රැකියාව, යාන වාහන, ගේ දොර වගේ. සිහින් වැලි හරියට අපේ ජීවිතේට එතරම් වැදගත් නොවන දේවල් වගේ.

ඔබ මුලින්ම ජෝගුව වැලිවලින් පිරෙව්වොත්, ගල් කැටවලටවත්, පස් වලටවත් එහි ඉඩ නැති වේවි. අන්න ඒ දේම ඔබේ ජීවිතවලටත් මුහුන පාන්න සිද්ධ වේවි.

ඒ කියන්නෙ ඔබ නොවැදගත්, කුඩා කුඩා දේවල්වලට මූලිකත්වය දුන්නොත්, නොවැදගත් දෙයින් ජීවිතය සම්පූර්ණයෙන් පුරවාගත්තොත්, ඔබේ ජීවිතේට ඇත්තටම වැදගත් දේට ඔබේ ජීවිතේ තුළ ඉඩකඩ නැති වේවි. අන්න ඒ නිසා සෑම විටම ඔබේ ජීවිතේට ඇත්තටම වැදගත් දේට මූලිකත්වය දෙන්න.

දෙමාපියන්ට සළකන්න. බිරිඳ සමග රාත්‍රී අහාරයකට යන්න. දරුවන් සමග සෙල්ලම් කරන්න. ගේ දොර පිළිවෙලට තියාගන්න. යහළු මිත්‍රාදීන්ට සංග්‍රහ කරන්න.

මුලින්ම ගල් කැට ටික හොඳින් බලා ගන්න-ජීවිතේට වැදගත්වන දේට මූලිකත්වය දෙන්න. අනික් සියලු දේ සිහින් වැලි කැට පමණයි

පරිවර්තනයකිdark_knighthttp://www.blogger.com/profile/14925924245345115278noreply@blogger.com0tag:blogger.com,1999:blog-4472839795755585220.post-4558356569977857502012-05-19T09:25:00.000+05:302012-05-20T22:01:48.890+05:30දෑස අහිමි ආදරය

තමන්ගෙ දෑස නොපෙනීම නිසා තමාටත්, ලෝකයාටත් වෛර කළ තරුණියක් හිටිය. ඇය සමාජය සමඟ කෙතරම් වෛරයකින් පසු උනාද කියතොත් ඇයට කිසිම යහළුවෙක් හෝ යෙහෙළියක් ආශ්‍රයට හිටියෙ නැහැ. ඒ කොහොම උනත් ඇගේ වාසනාවට ඇයට ඉතා කරුණාවන්ත ආදරවන්තයෙක් හිටිය. ඔහු, ඇයට ඉතා ලෙංගතුව, ඇයව ආදරයෙන් බලා ගත්ත. මේ තරුණියත් ඔහුට සෑහෙන්න ආදරය කලා. ඒ, සමාජයෙන් නොලැබුණු ආදරය ගෞරවය තම ආදරවන්තයාගෙන් නො අඩුව ලැබුණු නිසා.

දිනක් මේ අන්ධ තරුණිය තම ආදරවන්තයාට, "මට ඇස් පෙනීම ලැබුණොත් මම කරන එකම දේ ඔයාව විවාහා කර ගන්න එක" යැයි පැවසුවා. මෙසේ සති කිහිපයක් ගත වී ගියා. දිනක් මේ තරුණියට ජීවිතේ අසන්නට ලැබුණු සතුටුදායකම ආරංචිය අසන්නට ලැබුණා. ඒ යමෙකු විසින් ඇයට ඇස් දෙකක් පරිත්‍යාග කරන බවයි. ඒ අනුව ඇයට නිරෝගී ඇස් දෙකක හිමිකාරීත්වය හිමි උනා. දැන් ඇයට මුළු ලෝකයම පේනව. ඇගේ ජීවිතය ඉතා සුන්දර එකක් බව ඇයට වැටහෙන්න ගත්ත. ඇය මුලින් ම කලේ තම ආදරනීය පෙම්වතා වෙත යාමයි. එහෙත් ඇය දුටු දෙයි ඇගේ සිත වෙනස් උනා. ඇගේ පෙම්වතත් අන්ධ පුද්ගලයෙක්. "මේ මනුස්සය අන්ධ මිනිහෙක්නෙ. මම මෙච්චර කල් ආදරය කලේ අන්ධ මිනිහෙකුටද? මම වගේ ලස්සන, ඇස් පේන කෙල්ලෙකුට මේ වගේ මිනිහෙක් ගැලපෙනවද?". මේ වගේ අදහස් සිය ගනනක් ඇගේ හිතට ගලාගෙන ආව. දෙපාරක් නොසිතාම ඈ ඔහුගෙන වෙන් උනා.

මෙසේ දින සති ගෙවී ගියා. දිනක් ඈ අතට ඇගේ හිටපු පෙම්වතා අතින් ලියා එවන ලද ලියුමක් ලැබුණා. එහි මෙසේ ලියැවී තිබුණා.

"මගේ ඇස් දෙක පරිස්සමින් බලාගන්න රත්තරං"

පරිවර්තනයකිdark_knighthttp://www.blogger.com/profile/14925924245345115278noreply@blogger.com0tag:blogger.com,1999:blog-4472839795755585220.post-69891074996974645112012-03-08T18:56:00.001+05:302012-05-13T22:58:03.250+05:30ජෝතිශ්‍යයට විද්‍යාවෙන් අර්ථ දැක්වීමක්මමනන් පෞද්ගලිකව ඔය කේන්දර, නැකැත් පස්සෙ යන්නෙ නෑ.මම ඔය ජෝතිශ්‍ය ගැන වැඩිය දන්නෙත් නෑ. කොටින්ම ජෝතිශ්‍ය මගේ ජීවිතේට ගෑවිලාවත් නෑ. මම ජෝතිශ්‍ය ගැන දන්නෙ, ග්‍රහලෝක මගින් මිනිසාට ඇතිකරන බලපෑම හොයාබලන ශාස්ත්‍රයක් කියල විතරයි.හැබැයි මම හිතන විදිහට ඔය ජෝතිශ්‍ය වගේ දේවල් එක පාරටම බැහැර කරන්න බැහැ. එව්ව බොරු කියල කියන්නත් බැහැ. ජෝතිශ්‍ය කියන විෂය ඇත්ත වෙන්න පුළුවන් ද කියල එකපාරටම කෙනෙකුට හිතෙන්න පුළුවන්. ග්‍රහ ලෝක වලට මිනිස් ජීවිත වලට බලපෑමක් කරන්න පුළුවන් ද? . මේ ලිපියෙන් මම උත්සහ කරේ මේකට විද්‍යාත්මකව උත්තරයක් හොයන්න. කියවල ම බලන්නකො මම ඉදිරිපත් කරපු කරුණු, ආපු නිගමන හරිද කියල. ජෝතිශ්‍ය ගැන දන්න අය, ඒ අයගෙ ශාස්ත්‍රය අනුව මම ආපු නිගමන හරිද කියල කියන්නකො.මේ ලිපිය කියවද්දි භෞතික විද්‍යාව වගේ විෂයක් හදාරපු කෙනෙකුට වඩාත් පහසු වෙයි තේරුන්ගන්න. ඒ නැතත් මම පුළුවන් තරම් සරළ විදිහට මගේ අදහස ඉදිරිපත් කරන්නන්.

අපි කවුරුත් දන්නවනෙ උදම්(Tides) ගැන. සාමාන්‍යපෙළ විද්‍යාව විෂයටත් ඉගෙනගත්තනෙ.නිකමට මේ සංසිද්ධිය ගැන හිතන්න ඔය මුහුදෙ උදම් ඇතිවෙන්නෙ ඉරෙයි හඳෙයි ගුරුත්වාකර්ශන බලය නිසානෙ. මේ පහළ දැක්වෙන රූපයෙන් උදම් ගැන දළ අදහසක ගන්න පුළුවන්.

එතකොට අපිට පේනව ඉර වගේ අපිට ඉතා දුරින් පවතින වස්තුවකටත්(ග්‍රහ වස්තුවකට) පෘතුවියට බලපෑමක් කරන්න පුළුවන්.ඒ කියන්නෙ යම් බලයක්, ඇද ගැනීමේ බලයක් ඇති කරන්න පුළුවන් කියන කාරනය. එතකොට කෙනෙකුට ගැටලුවක් පැන නගින්නෙ නැද්ද, ඉරේ බල පෑම නිසා මිනිස් සිරුරටත් බල පෑමක් වෙන්න බැරිද කියල. මිනිස් සිරුරේ ලේ ගමනා ගමනයට බලපෑමක් වෙන්න බැරිද කියල.ගැටළුව සාධාරනයි නේද?.

හරි දැන් තමයි අපිට භෞතික විද්‍යා දැනුම ප්‍රයෝජනවත් වෙන්නෙ. අපි ගුරුත්ව ක්ෂේත්‍ර ගැන කතා කරද්දි බහුලව පාවිච්චි කරන සූත්රයක්නෙ, නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණය පිළිබඳ සමීකරණය. පහතින් දැක්වෙන්නෙ ඒ සමීකරනය. ඕනෙ කෙනෙකුට පහසුවෙන් තේරුන්ගන්න පුළුවන්.

හරි දැන් අපි මේ සමීකරනය විශ්ලේෂණය කරොත් අපිට පේනව යම් සකන්ධ 2ක් අතර (ගුරුත්වජ)බලයක් ක්‍රියාත්මක වෙන බව. ඒ කියන්නෙ යම් අනන්ත නොවන දුරකින් වස්තු 2ක් පිහිටනවනන් අනිවාර්යෙන්ම එක් වස්තුවක් මගින් අනෙක් වස්තුව මත බලයක් ඇති කරනව. සූර්යයා මගින් පෘථිවිය මත බලයක් ඇති කරනව. ඒ ඇති කරන බලය සැළකිය යුතු තරම් විශාලයි සහ මේ බලය නිසාම පෘථිවිය කේන්ද්‍ර අභිසරී බලය ලබා ගනිමින් සූර්යයා වටා භ්‍රමණය වෙනව. අනිත් ග්‍රහ ලෝක මගිනුත් ඉහත සමීකරණයට අනුව පෘථිවියට බලපෑමක් කරන්න බැරිද?. අනිවාර්යයෙන්ම පුළුවන්.

ඊළඟට අපි හැරෙමු පෘථිවියේ ඉන්න ජීවියො දිහාවට. ජීවියෙකුටත් යම් ස්කන්ධයක් තියෙනවනෙ. එතකොට පෘථිවිය හා අනෙක් ග්‍රහ ලෝක අතර ක්‍රියාත්මක වෙනව වගේම බලයක් පෘථිවියේ සිටන ජීවියෝ හා අනෙකුත් ග්‍රහ ලෝක අතර ඇති වෙන්න බැරිද?. මගේ මතයනන් නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂන නියමයෙන් ජෝතිශ්යයේ ගොඩක් කරුණුඅ සනාත කරන්න පුළුවන් කියලයි. ග්‍රහ ලෝක මගින් මිනිස් ජීවිතේට බලපෑමක් වෙන්න පුළුවන් කියන කාරනය අපිට දැන් පැහැදිලි .

හරි අපි දැන් ජෝතිශ්යයේ එන කරුනු කීපයකට, විද්‍යාත්මකව පිළිතුරු හොයමු

ජෝතිශ්යයේදී අපේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක ගැන විතරක් කතාකරන්නෙ ඇයි?

මේකට උත්තරෙත් මම ඉස්සෙල කිව්ව වගේම නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණ සමීකරණයේ ගැබ් වෙලා තියෙනව. ඒ සමීකරණයට අනුව d ඉතා විශාල වෙනකොට F ඉතා කුඩා අගයක් කරායනව. තවත් පැහැදිලි කරොත් d වල අගය අනන්තය කරා යද්දි, F වල අගය බිංඳුව කරා යනව. ඉතින් එතකොට අපේ සෞරග්‍රහ මණ්ඩලයෙන් ඉතා ඈත තියෙන වස්තු වලින් මිනිසට(පෘථිවියට) සිදුවෙන බලාපෑම ඉතාම කුඩයි කියල සළකල ඒක නොසළකාහරින්න පුළුවන්. අන්න ඒ හේතුව නිසා අපේ සෞරග්‍රහ මණඩලයෙන් එපිට ග්‍රහ වස්තු ගැන වැඩි සැළකිල්ලක් නොදක්වනව ඇති කියලයි මටනන් හිතෙන්නෙ.සෞරග්‍රහ මණඩලයේ, පෘථිවියට ඈතින්ම තියෙන ග්‍රහ වස්තුව තමයි ප්ලූටෝ. ඒ අනුව පෘථිවියේ ජීවත් වෙන මනුස්සයෙක්ගෙ කේන්දරේට අඩුම බලපෑමක් කරන්න ඕනෙ මෙන්න මේ ග්‍රහය නේද? ඒ වගේම අපේ සෞරග්‍රහ මණ්ඩලයේ අපිට කිට්ටුවෙන්ම තියෙන සිකුරුගෙ බලපෑම වැඩි වෙන්න ඕනෙ නේද?. මෙතනදි ස්කන්ධයේ විශාලත්වය(m) ත් බලපානවනෙ. ඉතින් එතකොට විශාල ග්‍රහයන්ගෙන් ඇතිවෙන බල පෑම වැඩි වෙන්නත් ඕනෙ. ඒ අනුව බ්‍රහස්පති, සෙනසුරුගෙ බ පෑම වැඩි වෙන්න ඕනෙ. ජෝතිශ්‍ය අනුවනන් මම දන්නෙ නෑ. ඒත් විද්‍යාත්මකව ඒක එහෙම වෙන්න ඕනෙ. මගේ තර්කය හරිනන්.ජෝතිශ්‍ය දන්න අය මම හරිද වැරදි ද කියල කිව්වනන්.

කාලෙන් කාලෙට ග්‍රහ පිහිටීම වෙනස් වීම, කෙනෙකුට බලපාන්නෙ කොහොමද?

මේ සිද්ධියත් උඩදි අපි කතාකරපු සමීකරණයෙනුයි, දෛශික ආකලනය කිරීමේ මූලික දැනුමයි පාවිච්චි කරල බොහෝම පහසුවෙන් විසඳගන්න පුළුවන්. අපි උදාහරණයකට පහතින් දැක්වෙන රූප සටහන ගමු.

මෙතන බල දෙක අතර තීටා(කෝණය) අගය වෙනස් වෙනකොට සම්ප්‍රයුක්ත ගුරුත්වජ බලය(R) වෙනස් වෙනව කියල ඕන කෙනෙකුට තේරුන්ගන්න පුළුවන්නෙ?. එතකොට ග්‍රහලෝක හා ග්‍රහ වස්තු විවිධ ස්ථාන වල පිහිටද්දි ඒ ඒ අවස්ථාවට අදාල සම්ප්‍රයුක්ත බලය වෙනස් වෙනව. ඒ නිසා යම් පුද්ගලයෙක් මත ක්‍රියාකරන බලය ග්‍රහ වස්තුවල පිහිටීම නිසා වෙනස්වන බව පැහැදිලි. මේ නිසා වෙන්න ඇති ජෝතිශ්යයේදි කියන්නෙ ඔන්න දැන් සෙනසුරු අහවල් ග්රහයත් එක්ක එකට ඉන්නෙ, ඒ නිසා හොඳ කාලයක් උදා වෙනව කියල.

එකම වෙලාවෙ ඉපදුණු ළමයි දෙන්නෙකුට ග්‍රහයොන්ගෙ බලපෑම වෙනස් විදිහට ඇති වෙන්නෙ කොහොමද?

මේ කරුන විද්‍යාත්මකව සනාථ කරන්න පුළුවන් කිව්වොත් කෙනෙක් පුදුම වෙයි. ඒත් අපේ කෝකටත් වටින නිව්ටන්ගේ සමීකරණයෙන් මේ කරුණත් සනාථ කරන්න පුළුවන්. අපි මේකෙ පළමු අවස්ථාව හැටියට රටවල් දෙකක ඉපදෙන ළමයි දෙන්නෙක් ගමු. අපි හිතමු ළමයි දෙන්න ඉපදෙන්නෙ, එක්කෙනෙක් සමකාසන්න රටක, අනිත් කෙනා උත්තරධ්‍රැවයෙ කියල. එතකොට සූර්යයා(රවි සමකයට කෙලින්ම වගේ පිහිටන නිසා ඒ ළමයට ඇතිවෙන් F බලයේ අගය උත්තරධ්රැවයේ ඉපදෙන ළමයට වඩා වැඩියි(දුර අතර වෙනස නිසා). අනික මේ අවස්ථාවෙදි ස්ථාන දෙකට සාපේක්ෂව ග්‍රහ වස්තුවල පිහිටීම වෙනස්(මම හිතනව ඒ කාරනය හිතින් මවා ගන්න පුළුවන් කියල. පහත රූප සටහන් ඒකට රුකුලක් වෙයි)

ඇත්තටම එකම මොහොතෙ, එකම තැන ඉපදෙන ළමයි දෙන්නෙකුට ග්‍රහයන්ගෙන් වෙන බල පෑම වෙනස් වෙන්න පුළුවන්. ඒක වෙන්නෙ මෙහෙමයි, ඉපදෙන ළමයි දෙන්නගෙ ස්කන්ධය වෙනස් ඒ නිසා, ළමයි දෙන්න මත ඇති වෙන ගුරුත්ව බලය වෙනස්. ඒ කියන්නෙ එතන ඉඳන් ළමයි දෙනන මත ක්‍රියාත්මක වෙන ග්‍රහ බල පෑම වෙනස් වෙනව නේද?

මෙන්න මේ විදිහට ජෝතිශ්‍ය කියන විශයේ අපි හැමෝම පොදුවේ දන්න කරුණු කීපයකට උත්තර නූතන විද්‍යාවෙන් සපයන්න පුළුවන්. ගුරුත්ව විභවය කියන සංකල්පය පැත්තෙන් හිතල උනත් මේ කරුණු වලට උත්තර හොයන්න පුළුවන්. කොහොම උනත් මම හිතනව ඔයගොල්ලොත් දැන් ජෝතිශ්‍ය ගැන යම් නිගමනයකට ඇවිල්ල ඇති කියල. අඩුම ගානෙ විද්‍යාත්මක පැත්තෙන් මේ ගැන හිතන්න පුළුවන් නේද කියන කාරනය ඔළුවලට වැටෙන්න ඇති කියල මම හිතනව.

අන්තිමට මටනන් කියන්න තියෙන්න ජෝතිශ්‍ය හරියට පාවිච්චි කරාට කමක් නෑ, හැබැයි ඒක ඔළුව උඩ තියාගෙනනන් ජීවිතේ ගෙනියන්න එපා.

dark_knighthttp://www.blogger.com/profile/14925924245345115278noreply@blogger.com0tag:blogger.com,1999:blog-4472839795755585220.post-14839955930853601422011-12-22T10:02:00.001+05:302011-12-22T14:43:46.506+05:30දෙන්න උන්ටත් ඉගිළෙන්න......

dark_knighthttp://www.blogger.com/profile/14925924245345115278noreply@blogger.com2tag:blogger.com,1999:blog-4472839795755585220.post-51999264491710374202011-12-21T12:38:00.000+05:302012-05-19T16:04:31.413+05:30ලෝකයේ 20-20 ක්‍රිකට් ලීගමම අද තොරතුරු බෙදා හදාගන්න හදන්නෙ ලෝකයේ විවිධ රට වල් වල පවත්වන විස්සයි විස්ස ක්‍රිකට් ලීග(T20 leagues) පිළිබඳවයි.අප බොහෝ දෙනා අතර ජනප්‍රිය IPL 20-20 තරඟ පමණයි නමුත් ලෝකයේ බොහෝ රටවල් දැන් දැන් වඩා තරඟකාරී,වර්ණවත් ජාත්‍යන්තර තලයේ ක්‍රීඩකයන් යොදා ගනිමින් මෙවැනි ලීග පවත්වනවා.මම අන්තර්ජාලයේ සැරිසරන විට සොයාගත් තොරතුරු මත මෙම ලිපිය සැකසී තිබෙනවා.මෙම ලිපිය පුරාවට ලෝකයේ දැනට පවත්වන T20 ලීග කීපයක තොරතුරු ඇතුලත්ව ඇත.

Indian Premier League

මෙම තරඟාවලිය ආරම්භ වුනේ 2008 වර්ශයේ දී ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ මූලිකත්වයෙන්.මෙයට ප්‍රධානම හේතුව වූයේ පෞද්ගලික ආයතන කීපයක් විසින් එක්ව ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ අවසරයකින් තොරව ක්‍රිකට් ලීගයක් පැවැත් වීමයි.ඒ කෙසේ වෙතත් මෙම IPL තරඟාවලිය ක්‍රිකට් වංශකතාවේ වැදගත් පිටුවක් සනිටුවන් කරණුයේ ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරට ක්‍රීඩක වෙන්දේසියක් මගින් මේ සඳහා ක්‍රීඩකයන් තෝරා ගැනීම නිසාය. මෙම ක්‍රිකට් ලීගය හුදු ව්‍යාපාර වාසි තකා ඇරඹුණද මෙහිදී ක්‍රීඩකයන්ට ලැබෙන විශාල මුදල් කන්දරාව නිසා ක්‍රීඩකයන් පැත්තෙන් නම් කිසිම අවාසියක් සිදු වී නැත.IPL තරඟාවලියේ තවත් වැදගත් කාරනයක් නම් එහිදී බොලිවුඩ් සිනමා තරුද මෙම තරඟාවලිය වර්ණවත් කිරීමට එක්වසිටීමයි.නැටුම්,ගැයයුම් වලින් සමන්විත මෙම තරඟාවලිය ක්‍රිකට් සැනකෙලියක් ලෙස හැඳින්වීමේද වරදක් නැත.මේ වන විට IPL තරඟාවලි 3ක්(2008,2009,2010) පවත්වා ඇති අතර එම තරඟාවලිවල ජය පිළිවෙලින් රාජස්ථාන් රෝයල්ස්,ඩෙකෑන් චාජ(ර්)ස් හා චන්නායි සුප(ර්) කින්ග්ස් හිමි කර ගන්නා ලදී.ආරම්භක වසර තුනේ කණ්ඩායම් 8කට පමණක් සීමා වූ මේ තරඟාවලිය අද වන විට කණ්ඩායම් 10 දක්වා වැඩි වී ඇත.

T20 Big Bash League

KFC බිග් බෑෂ් යනු ඕස්ට්‍රේලියාවේ 20-20 ක්‍රිකට් ලීගයයි.මෙය පළමු වරට ආරම්භයේ 2005 වසරදීය.තම රටේ ක්‍රීඩකයන් 20-20 තරඟ වලට හුරු කරවීමේ ප්රයත්නයක් ලෙස ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය KFC සමාගම සමග අත්වැල් බැඳගනිමින් මෙම ලීගය ආරම්භ කරන ලදී.කණ්ඩායම් 6කින් සමන්විත වන මෙම තරඟාවලිය බොහෝ ඕස්ට්‍රේලියානු ජාතිකයන්ගේ සිත් ඇද ගැනීමට සමත් වීමේ ප්‍රතිඵලයක් ලෙස එක් තරඟයක් නැරඹීමට 20,000(average) ක වැනි විශාල ජනකායක් සහාභාගී වන බව සමීක්ශණ වලින් හෙලි විය.මෙහිදී 2005,2006,2007 හා 2009 වසර වල ශූරතාවය වික්ටෝරිය බුෂ් රේන්ර(ර්)ස් කණ්ඩායම දිනා ගත් අතර 2008 වසරේ ශූරතාවය නිව් සෞත් වේල්ස් කණ්ඩායමත්.2010දී ශූරතාවය සෞත් ඕස්ට්‍රේලියා කණ්ඩායමත් දිනා ගන්නා ලදී.වර්තමානය වන විට ජාත්‍යන්තර ක්‍රීඩකයන්ද මේ සඳහා සහභාවන නිසා තරඟකාරිත්වය ඉහල ගොස් ඇත.එමෙන්ම 2011 වර්ශයේ පැවැත්වෙන තරගාවලිය නව ආරකින් ඉදිරිපත් කෙරෙන බව ක්‍රිකට් ඕස්ට්‍රේලියාව දන්වා සිටී.

Friends Provident T20

මෙම ක්‍රිකට් ලීගය ක්‍රිකට් උපන් දේශය වන එංගලන්තයේ 20-20 ක්‍රිකට් ලීගයයි.මෙම ලීගය 2010 වසරේ නිල වශයෙන් ආරම්භ වූ අතර ඒ සඳහා කණ්ඩායම් 18ක් තරඟ වදිනුයේ කණ්ඩායම් 9 බැගින් වූ කාණ්ඩ දෙකක් යටතේදීය.මුලින්ම මෙම ලීගය EPL(English Cricket League) ලෙස පැවැත්වීමට කටයුතු යොදා තිබුණද පසුව එය Friends Provident Cup ලෙස වෙනස් කෙරිණි.මෙහි පැවති පළමු හා එකම තරඟාවලියේ ශූරතාවය හැම්ශය(ර්) රෝයල්ස් කණ්ඩායම දිනා ගන්නා ලදී.මෙම තරඟාවලිය සඳහා ද ලොව නන් දෙසින් ක්‍රීඩකයන් සහාභාගී වන අතර ටෙස්ට් තරඟ වල වැඩි ඇල්මක් දක්වන ජනතාවක් සිටින එංගලන්තය තුළ මෙම තරඟාවලි ජනප්‍රිය කිරීමට එංගලන්ත ක්‍රිකට් ආයතනය විශාල උත්සහයක් ගනී.

Standard Bank T20(pro T20)

මෙම ලීගය දකුණු අප්‍රිකාවේ 20-20 ක්‍රිකට් ලීගයයි.මෙය ආරම්භ කරන ලද්දේ 2003 වසරේදී ය.මෙම තරඟාවලියට කණ්ඩායම් 6ක් සහාභාගී වන අතර 2007 වසරේ සිට සිම්බාබ්වේ කණ්ඩායමද මේ සඳහා එක් වීම විශේෂ කරුණකි.ස්ටෑන්ඩ(ර්)ඩ් බැංකුව සම ඉතා මනාව කරගෙන යන මෙම 20-20 තරඟාවලිය නරඹන්නන්ට ඉතා ඉහළ ආශ්වාදයක් ලබා දීමට සමත්ව තිබීම පැසසිය යුතු කරුණකි.2003 හා 2005 වසර වල ශූරතාවය ඊගල්ස් කණ්ඩායමත්,2004 හා 2007 වසර වල ශූරතාවය ටයිටන්ස් කණ්ඩායමත්,2008 හා 2010 වසරවල ශූරතාවය කපෙ කෝබ්රා කණ්ඩායමත්, 2006 දී ශූරතාවය ලයන්ස් කණ්ඩායමත්,2009 වසරේ ශූරතාවය වොරිය(ර්)ස් කණ්ඩායමත් දිනා ගන්න ලදී

මෙය නවසීලන්තයේ 20-20 ලීගයයි.මෙම ලීගයට මෙම නම ලැබී ඇත්තේ මෙහි අනුග්‍රහාකයා නිසාය.HRV තරඟාවලිය ආරම්භවන්නේ 2006 වසරදී.නවසීලන්ත ප්‍රේක්ෂකයන්ද 20-20 තරඟ සඳහා වැඩි ඉඩක් ලාබා නුදුන්නද නවසීලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය මෙම තරඟාවලිය ජනතාව අතරට ගෙනයාමට ඉහළ උත්සහයක් දරයි.නවක ක්‍රීඩකයන් මෙන්ම පරිනත ක්‍රීඩකයන්ගෙන් ද සමන්විත කණ්ඩායම් 6ක් මේ සඳහා තරඟ කරයි.ඊට අමතරව විදෙස් ක්‍රීඩකයන් ද මීට සහභාගී වීම මඟින් මෙහි තරඟකාරිත්වය තවත් වැඩි වී තිබේ.

Caribbean T20

මෙය බටහිර ඉන්දීය කොදෙව් දූපත්හී 20-20 ලීගයයි.මෙම ලීගය ආරම්භ වීමට හේතුවද රසවත් එකකි.මුලින්ම මෙම 20-20 තරගාවලිය Stanford T20 ලෙස ආරම්භවුනත් පසුව හෙලි වූ මූලය වංචා නිසා මෙම තරගාවලිය නවතා දමන ලදී.නමුත් පසුව බටහිර ඉන්දියන් කොදෙව් ක්‍රිකට් සංගමය කැරිබියන් 20-20 තරගාවලිය අරඹන ලදී.වර්තමානයේ බටහිර ඉන්දීය කොදෙව් දූපත් ක්‍රිකට් කණ්ඩායම යම් පසු බෑමක සිටියත් මෙම 20-20 තරගාවලිය නැරඹීමට සැළකිය යුතු ජන සහභාගීත්වයක් පෑවතීම සතුටට කරුණකි.මෙම තරගාවලියට කණ්ඩායම් 10ක් සහාභාගී වන අතර,පළමු තරගාවලිය 2009 වසරේ පැවැත්වුණු අතර පසු ගිය වර ශූරතාවය ට්‍රනිඩෑඩ් සහ ටොබැගෝ කණ්ඩායම විසින් දිනා ගන්නා ලදී.dark_knighthttp://www.blogger.com/profile/14925924245345115278noreply@blogger.com2tag:blogger.com,1999:blog-4472839795755585220.post-65922773983274429542010-10-24T16:04:00.002+05:302012-05-20T06:28:49.107+05:30කන්සායි ගුවන් තොටුපල

කන්සායි
ගුවන්තොටුපල පිහිටා ඇත්තේ ජපානයේ ඔසාකා බොක්ක මධ්‍යයේ ය.මෙම ගුවන් තොටුපල
ව්‍යාපාර කටයුතු සඳහා විවෘත කරන ලද්දේ 1994 සැප්තැම්බර් 4 දා සිටය.කන්සායි
ගුවන් තොටුපල අභ්‍යාවකාශයේ සිට දැකිය හැකි කෘතීම පෘථිවි ඉදිකිරීම් 2න්
එකකි.මින් අනෙක ලෝ ප්‍රකට චීන මහා ප්රාකාරයයි.කන්සායි ගුවන් තොටුපල ගොඩ
නැගීමේ මූලික අරමුන වූයේ ජපානය තුළ පැය 24 ම ක්‍රියාත්මක වන ගුවන් තොටුපලක්
ගොඩ නැංවීම හා ලෝකය පුරා ඉතා වේගයෙන් ඉහළ යන මගී අවශ්‍යතා සැපිරීමයි.

මෙම
දැවැන්ත ගුවන් තොටුපල ගොඩනැගීමට ඔසාකාහි දකුණු ප්‍රදේශයේ විශාල කඳු 3ක්
සම්පූර්ණයෙන් ම සමතලා කිරීමට අදාල ව්‍යාපෘති භාර ඉන්ජිනේරුවන්ට සිදු
විය.මීට අමතර ව මගී ප්‍රවාහන පහසුව උදෙසා ඔසාකා වරායේ සිට කි.මි 5ක් දිග
පාලමක් ගොඩනැගීමට ද සිදු විය.

මෙම
විශිෂ්ට නිර්මාණය සිදු කිරීම ඉතා අපහසු මෙන් ම අධික මුදලක් වැය වූ
ව්‍යාපෘතියක් වූයේ මෙය හුදෙකලා පෙදෙසක,ශබ්ද දූෂණය අවම වන පරිදි,අනාගතයේ දී
අවශ්‍ය නම් විශාල කළ හැකි වන සේ ඉදි වූ ගුවන් තොටුපලක් වීමයි.එමෙන් ම මෙහි
යොදා ඇති ඇතැම් තාක්ෂණික ක්‍රම අනාගත ලෝකයට වුව සරිලන පරිදි සකසා තිබීම ද
විශේෂත්වයකි.

1වන
අදියර යටතේ ගුවන් තොටුපල සහිත දූපත සම්පූර්ණයෙන් ම ආවර්නය වන පරිදි මේ වන
විට ඉදිකිරීම් කටයුතු කර තිබුණත් 2වන අදියරේ ඉදිකිරීම් සිදු කිරීමේ දී
කෘතීම ලෙස දූපතේ වපසරිය විශාල කොට එහි ඉදිකිරීම් සිදු කිරීමට ගුවන් තොටුපල
භාර බලධාරීන් බලාපොරොත්තු වේ.

dark_knighthttp://www.blogger.com/profile/14925924245345115278noreply@blogger.com0tag:blogger.com,1999:blog-4472839795755585220.post-66919469910492114182010-10-22T19:35:00.000+05:302012-05-16T07:01:20.479+05:30විදුලි මෝටර් රථ

1995 දී ෆර්ජෝ සමාගම ෆර්ජෝ 106(ඉලෙක්ට්‍රික්) නමින් විදුලි මෝටර් රථයක් සාමාන්‍ය ජනයාගේ පෞද්ගලික භාවිතයට වෙළඳ පොළට නිකුත් කරන ලදී.සුලභ ව භාවිත වන පෙට්‍රල් හා ඩීසල් මෝටර් රථ මෙන් නොව විදුලි මෝටර් රථ වලින් පරිසර දූෂක හා පරිසරයට අහිතකර කිසිවක් මුදා නොහරී.විදුලි මෝටර් රථ වල ඇති තවත් වාසියක් නම් ඒවායේ එන්ජින්වල ආයු කාලය දීර්ඝ වන අතර කාර්මික වශයෙන් ගත් කල ඒවායෙන් මෝටර් රථය භාවිත කරන්නාට මුහුණ දීමට සිදුවන අපහසුතා ඉතා අවම වීමයි.

106(ඉලෙක්ට්‍රික්) මෝටර් රථයේ උපරිම වේගය 90 කි.මි/පැය වන අතර පූර්ණ ලෙස ආරෝපිත බැටරියකින් කි.මි 80ක් ආවරනය කළ හැක.අඩු උපරිම වේගයක් පැවතීම හා පූර්ණ ආරෝපිත බැටරියකින් ආවර්ණය කළ හැකි දුර ප්‍රමාණය අවම වීම යන අවාසි නිසා පාරිභෝගිකයා තුළ ඇතිවන අප්‍රසාදය මග හැර වීම උදෙසා 106(ඉලෙක්ට්‍රික්) මෝටර් රථය ක්‍රමක් ක්‍රමයෙන් දියුණු කිරීමට දැන් පර්යේෂණ කටයුතු දියත් කර ඇත.

මෙම නූතන වාහනය පෙට්‍රල් හා ඩීසල් වාහන වලට ආදේශකයක් ලෙස පියවරෙන් පියවර නවීකරණය වෙමින් පවතී.කෙසේ වෙතත් විදුලි මෝටර් රථවලට සමගාමීව සූර්ය බලයෙන් ක්‍රියාත්මක මෝටර් රථ ද මෑත ඉතිහාසය තුළ සැළකිය යුතු තාක්ෂණික දියුණුවක් ලබා ඇත.

විදුලි මෝටර් රථයක බැටරිය

කෝශ 20කින් යුත් බැටරි පද්ධතියක් මේ සඳහා භාවිතා වේ.ප්‍රවේගය 0-50 කි.මි/පැය දක්වා ත්වරණය කිරීමට තත්.8.3ක් ගත වන අතර 90 කි.මි/පැය ක උපරිම වේගයකට එළඹිය හැක.මෙම බැටරිය භාවිතයෙන් ආවර්ණය කළ හැකි මුළු දුර කි.මි 80 කි.බැටරිය ආරෝපණයට විශේෂිත උපකරණයක් ද ඇත.2011 වසරේ දී හඳුන්වා දුන් නවතම මෝටර් රථ,මීට පෙර හඳුන්වා දුන් මෝටර් රථවලට වඩා මිලෙන් අධික වන අතර එයට ප්‍රධානම හේතුව මෙහි අඩංඟු ලිතියම් අයන බැටරියයි

නැවත ආරෝපණය

ඉහතින් සඳහන් කළ බැටරිය ඕනෑ ම 220v/16 amp සොකට්ටුවක් භාවිත්යෙන් යළි ආරෝපණය කළ හැකි අතර බැටරිය සම්පූර්ණයෙන් ම ආරෝපණයට දළ වශයෙන් පැය 6ක් ගත වේ.ඇතැම් රටවල,බැටරිය යළි ආරෝපණය කිරීමට පහසුකම් ඇති මධ්‍යස්ථාන ඇති අතර ඇතැමුන් නිවස තුලදී විශේෂිත උවාරණයකින් බැටරි ආරෝපණය සිදු කරයි.යුරෝපීය රටවල මෙම තාක්ෂණය කෙමෙන් කෙමෙන් ප්‍රචලිත වීමත් සමගම,ප්‍රධාන නගර ආශ්‍රිතව ආරෝපණ මධ්‍යස්ථාන ඉදිවීමේද යම් වර්ධනයක් දැකිය හැක.

වර්තමානය වන විට විදුලි මෝටර් රථ ජනයා අතර එතරම් ප්‍රචලිත නොවුනත් එය කෙමෙන් කෙමෙන් හෝ සාමාන්‍ය ජනයා අතර ජනප්‍රිය වීම ඉතා වැදගත් වන්නේ ඉතා ශීග්‍රයෙන් සිදුවෙන පරිසර දූශණයට මෙය කදිම ප්‍රතිකර්මයක් වීමයි.
dark_knighthttp://www.blogger.com/profile/14925924245345115278noreply@blogger.com0tag:blogger.com,1999:blog-4472839795755585220.post-36800472842822810302010-10-22T14:33:00.000+05:302012-05-16T07:01:34.257+05:30දුම්රියක චලිත ආනතිය

1960 ගණන්වල සිට දුම්රි-ආනති ක්‍රමය(Tilting Trains) භවිතා වුවද ඉතා වේගයෙන් ගමන් කිරීමේදී මගීන්ට සිදුවන අපහසුතාවය අවම වන පරිදි මෙම ක්‍රමය තාක්ෂණික දියුණුවක් ලැබුවේ මෑත වකවානුවේදීය.එහි ප්‍රතිඵලයක් වශයෙන් වර්තමානයේ දී කාර්මික වශයෙන් දියුණු බොහෝ රටවල් වල අවධානය මෙම දුම්රි-ආනති ක්‍රමය වෙත යොමු වී ඇත.

වංගුවක් තුළින් දුම්රිය ගමන් කිරීමේදී වංගුවෙන් ඉවතට ඇතිවන කේන්ද්‍ර- අපසාරී බලය දුම්රියේ ආනතිය නිසා වංගුව දෙසට ඇතිවන බලයෙන් සංතුලනය වීම හේතුවෙන් දුම්රිය තුළ සිටින මගීන්ට කිසිඳු අපහසුතාවයක් නොදැනේ

වර්තමාන පරිගණකගත දුම්රි-ආනති පද්ධති පාලනය වන්නේ ස්වයං-සිසැරුම් ක්‍රමය මගිනි.දුම්රිය ව්‍යුහයේ වර්ධනයත් සමග පීලි මගින් ඇතිවන අමතර බලයත්,ස්වයං-සිසැරුම් ක්‍රමය නිසා ඇතිවන අනවශ්‍යය තෙරපුමත් අවම කිරීම මගින් දුම්රියේ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු විය.

වර්තමාන දුම්රි-ආනති තාක්ෂණය නිසා ඒවා ක්‍රියා කරවන්නන්ට දුම්රියේ උපරිම වේගයට ඉතා පහසුවෙන් ළගා වීමට අවස්ථාව ලැබී ඇති අතර දුම්රියේ මෙන් ම දුම්රිය මාර්ගවලට ඇති වන හානිය ද මෙම ක්‍රමය නිසා ඉතා අවම අවම තත්වයක පවතී.
dark_knighthttp://www.blogger.com/profile/14925924245345115278noreply@blogger.com0