Saturday, May 19, 2012

ජීවිතේ මූලිකත්වය

විශාල ජෝගුවක් හා කවරයක් අතැතිව දිනක් මහාචාර්යවරයෙක් තම පන්තියට පැමිනියා. තම සිසුන් ඉදිරියේ සිටගත් ඔහු ජෝගුව ගෙන කවරයේ තිබූ ගල් කැටවලින් ජෝගුව සම්පූර්ණයෙන්ම පුරවා, "මේ ජෝගුව දැන් පිරිලද තියෙන්නෙ?" යැයි සිසුන්ගෙන් විමසුවා. සිසුන් එක හඬින් "ඔව්" යැයි පිළිතුරු දුන්නා. නැවත කවරයට අත දැමූ මහාචාර්යවරයා එහි තිබූ පස් අහුරු කිහිපයක් ජෝගුවට එක් කර එය මනාව සෙළවූවා. එවිට ගල් කැට අතර තිබූ හිඩැස්වලින් පස් ජෝගුව තුළට කිඳා බැස්සා. ඉන් පසු මහාචාර්යවරයා පෙර ප්‍රශ්නයම සිසුන් වෙත යොමු කළා"දැන් මේ ජෝගුව පිරිලද?". සිසුනුත් මහත් කුතුහලයෙන් යුතුව "ඔව්" යැයි පැවසුවා. නැවත කවරයට අත එබූ මහාචාර්යවරයා ඉන් සිහින් වැලි අහුරු කිහිපයක් ජෝගුවට එක් කොට සෙළවූවා. සිහින් වැලි, ගල් කැට හා පස් අතරින් ජෝගුව තුළට කිඳා බැස්සා. නැවතත් මහාචාර්යවරයා සුපුරුදු ප්‍රශ්නය සිසුන් වෙත යොමු කළා. සිසුන් ද සුපුරුදු පිළිතුර ම ලබා දුන්නා.

මදක් සිසුන් දෙස බලා සිටි මහාචාර්යවරය මෙසේ පැවසුවා.

මේ ජෝගුවත් හරියට අපේ ජීවිතය වගේ.මේකෙ තියෙන ගල් කැට හරියට අපේ ජීවිත වලට ඉතා වැදගත් අම්ම තාත්ත, බිරිඳ, දරුවො වගේ. පස් හරියට අපේ ජීවිත වලට යම්තරමකට වැදගත් රැකියාව, යාන වාහන, ගේ දොර වගේ. සිහින් වැලි හරියට අපේ ජීවිතේට එතරම් වැදගත් නොවන දේවල් වගේ.

ඔබ මුලින්ම ජෝගුව වැලිවලින් පිරෙව්වොත්, ගල් කැටවලටවත්, පස් වලටවත් එහි ඉඩ නැති වේවි. අන්න ඒ දේම ඔබේ ජීවිතවලටත් මුහුන පාන්න සිද්ධ වේවි.

ඒ කියන්නෙ ඔබ නොවැදගත්, කුඩා කුඩා දේවල්වලට මූලිකත්වය දුන්නොත්, නොවැදගත් දෙයින් ජීවිතය සම්පූර්ණයෙන් පුරවාගත්තොත්, ඔබේ ජීවිතේට ඇත්තටම වැදගත් දේට ඔබේ ජීවිතේ තුළ ඉඩකඩ නැති වේවි. අන්න ඒ නිසා සෑම විටම ඔබේ ජීවිතේට ඇත්තටම වැදගත් දේට මූලිකත්වය දෙන්න.

දෙමාපියන්ට සළකන්න. බිරිඳ සමග රාත්‍රී අහාරයකට යන්න. දරුවන් සමග සෙල්ලම් කරන්න. ගේ දොර පිළිවෙලට තියාගන්න. යහළු මිත්‍රාදීන්ට සංග්‍රහ කරන්න.

මුලින්ම ගල් කැට ටික හොඳින් බලා ගන්න-ජීවිතේට වැදගත්වන දේට මූලිකත්වය දෙන්න. අනික් සියලු දේ සිහින් වැලි කැට පමණයි

පරිවර්තනයකි

දෑස අහිමි ආදරය


තමන්ගෙ දෑස නොපෙනීම නිසා තමාටත්, ලෝකයාටත් වෛර කළ තරුණියක් හිටිය. ඇය සමාජය සමඟ කෙතරම් වෛරයකින් පසු උනාද කියතොත් ඇයට කිසිම යහළුවෙක් හෝ යෙහෙළියක් ආශ්‍රයට හිටියෙ නැහැ. ඒ කොහොම උනත් ඇගේ වාසනාවට ඇයට ඉතා කරුණාවන්ත ආදරවන්තයෙක් හිටිය. ඔහු, ඇයට ඉතා ලෙංගතුව, ඇයව ආදරයෙන් බලා ගත්ත. මේ තරුණියත් ඔහුට සෑහෙන්න ආදරය කලා. ඒ, සමාජයෙන් නොලැබුණු ආදරය ගෞරවය තම ආදරවන්තයාගෙන් නො අඩුව ලැබුණු නිසා.

දිනක් මේ අන්ධ තරුණිය තම ආදරවන්තයාට, "මට ඇස් පෙනීම ලැබුණොත් මම කරන එකම දේ ඔයාව විවාහා කර ගන්න එක" යැයි පැවසුවා. මෙසේ සති කිහිපයක් ගත වී ගියා. දිනක් මේ තරුණියට ජීවිතේ අසන්නට ලැබුණු සතුටුදායකම ආරංචිය අසන්නට ලැබුණා. ඒ යමෙකු විසින් ඇයට ඇස් දෙකක් පරිත්‍යාග කරන බවයි. ඒ අනුව ඇයට නිරෝගී ඇස් දෙකක හිමිකාරීත්වය හිමි උනා. දැන් ඇයට මුළු ලෝකයම පේනව. ඇගේ ජීවිතය ඉතා සුන්දර එකක් බව ඇයට වැටහෙන්න ගත්ත. ඇය මුලින් ම කලේ තම ආදරනීය පෙම්වතා වෙත යාමයි. එහෙත් ඇය දුටු දෙයි ඇගේ සිත වෙනස් උනා. ඇගේ පෙම්වතත් අන්ධ පුද්ගලයෙක්. "මේ මනුස්සය අන්ධ මිනිහෙක්නෙ. මම මෙච්චර කල් ආදරය කලේ අන්ධ මිනිහෙකුටද? මම වගේ ලස්සන, ඇස් පේන කෙල්ලෙකුට මේ වගේ මිනිහෙක් ගැලපෙනවද?". මේ වගේ අදහස් සිය ගනනක් ඇගේ හිතට ගලාගෙන ආව. දෙපාරක් නොසිතාම ඈ ඔහුගෙන වෙන් උනා.

මෙසේ දින සති ගෙවී ගියා. දිනක් ඈ අතට ඇගේ හිටපු පෙම්වතා අතින් ලියා එවන ලද ලියුමක් ලැබුණා. එහි මෙසේ ලියැවී තිබුණා.

"මගේ ඇස් දෙක පරිස්සමින් බලාගන්න රත්තරං"

පරිවර්තනයකි

Thursday, March 8, 2012

ජෝතිශ්‍යයට විද්‍යාවෙන් අර්ථ දැක්වීමක්

මමනන් පෞද්ගලිකව ඔය කේන්දර, නැකැත් පස්සෙ යන්නෙ නෑ.මම ඔය ජෝතිශ්‍ය ගැන වැඩිය දන්නෙත් නෑ. කොටින්ම ජෝතිශ්‍ය මගේ ජීවිතේට ගෑවිලාවත් නෑ. මම ජෝතිශ්‍ය ගැන දන්නෙ, ග්‍රහලෝක මගින් මිනිසාට ඇතිකරන බලපෑම හොයාබලන ශාස්ත්‍රයක් කියල විතරයි.හැබැයි මම හිතන විදිහට ඔය ජෝතිශ්‍ය වගේ දේවල් එක පාරටම බැහැර කරන්න බැහැ. එව්ව බොරු කියල කියන්නත් බැහැ. ජෝතිශ්‍ය කියන විෂය ඇත්ත වෙන්න පුළුවන් ද කියල එකපාරටම කෙනෙකුට හිතෙන්න පුළුවන්.  ග්‍රහ ලෝක වලට මිනිස් ජීවිත වලට බලපෑමක් කරන්න පුළුවන් ද? . මේ ලිපියෙන් මම උත්සහ කරේ මේකට විද්‍යාත්මකව උත්තරයක් හොයන්න. කියවල ම බලන්නකො මම ඉදිරිපත් කරපු කරුණු, ආපු නිගමන හරිද කියල. ජෝතිශ්‍ය ගැන දන්න අය, ඒ අයගෙ ශාස්ත්‍රය අනුව මම ආපු නිගමන හරිද කියල කියන්නකො.මේ ලිපිය කියවද්දි භෞතික විද්‍යාව වගේ විෂයක් හදාරපු කෙනෙකුට වඩාත් පහසු වෙයි තේරුන්ගන්න. ඒ නැතත් මම පුළුවන් තරම් සරළ විදිහට මගේ අදහස ඉදිරිපත් කරන්නන්.

අපි කවුරුත් දන්නවනෙ උදම්(Tides) ගැන. සාමාන්‍යපෙළ විද්‍යාව විෂයටත් ඉගෙනගත්තනෙ.නිකමට මේ සංසිද්ධිය ගැන හිතන්න ඔය මුහුදෙ උදම් ඇතිවෙන්නෙ ඉරෙයි හඳෙයි ගුරුත්වාකර්ශන බලය නිසානෙ. මේ පහළ දැක්වෙන රූපයෙන් උදම් ගැන දළ අදහසක ගන්න පුළුවන්.


එතකොට අපිට පේනව ඉර වගේ අපිට ඉතා දුරින් පවතින වස්තුවකටත්(ග්‍රහ වස්තුවකට) පෘතුවියට බලපෑමක් කරන්න පුළුවන්.ඒ කියන්නෙ යම් බලයක්, ඇද ගැනීමේ බලයක් ඇති කරන්න පුළුවන් කියන කාරනය. එතකොට කෙනෙකුට ගැටලුවක් පැන නගින්නෙ නැද්ද, ඉරේ බල පෑම නිසා මිනිස් සිරුරටත් බල පෑමක් වෙන්න බැරිද කියල. මිනිස් සිරුරේ ලේ ගමනා ගමනයට බලපෑමක් වෙන්න බැරිද කියල.ගැටළුව සාධාරනයි නේද?.

හරි දැන් තමයි අපිට භෞතික විද්‍යා දැනුම ප්‍රයෝජනවත් වෙන්නෙ. අපි ගුරුත්ව ක්ෂේත්‍ර ගැන කතා කරද්දි බහුලව පාවිච්චි කරන සූත්‍රයක්නෙ, නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණය පිළිබඳ සමීකරණය. පහතින් දැක්වෙන්නෙ ඒ සමීකරනය. ඕනෙ කෙනෙකුට පහසුවෙන් තේරුන්ගන්න පුළුවන්.



හරි දැන් අපි මේ සමීකරනය විශ්ලේෂණය කරොත් අපිට පේනව යම් සකන්ධ 2ක් අතර (ගුරුත්වජ)බලයක් ක්‍රියාත්මක වෙන බව. ඒ කියන්නෙ යම් අනන්ත නොවන දුරකින් වස්තු 2ක් පිහිටනවනන් අනිවාර්යෙන්ම එක් වස්තුවක් මගින් අනෙක් වස්තුව මත බලයක් ඇති කරනව. සූර්යයා මගින් පෘථිවිය මත බලයක් ඇති කරනව. ඒ ඇති කරන බලය සැළකිය යුතු තරම් විශාලයි සහ මේ බලය නිසාම පෘථිවිය කේන්ද්‍ර අභිසරී බලය ලබා ගනිමින් සූර්යයා වටා භ්‍රමණය වෙනව. අනිත් ග්‍රහ ලෝක මගිනුත් ඉහත සමීකරණයට අනුව පෘථිවියට බලපෑමක් කරන්න බැරිද?. අනිවාර්යයෙන්ම පුළුවන්.

ඊළඟට අපි හැරෙමු පෘථිවියේ ඉන්න ජීවියො දිහාවට. ජීවියෙකුටත් යම් ස්කන්ධයක් තියෙනවනෙ. එතකොට පෘථිවිය හා අනෙක් ග්‍රහ ලෝක අතර ක්‍රියාත්මක වෙනව වගේම බලයක් පෘථිවියේ සිටන ජීවියෝ හා අනෙකුත් ග්‍රහ ලෝක අතර ඇති වෙන්න බැරිද?. මගේ මතයනන් නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂන නියමයෙන් ජෝතිශ්‍යයේ ගොඩක් කරුණුඅ සනාත කරන්න පුළුවන් කියලයි. ග්‍රහ ලෝක මගින් මිනිස් ජීවිතේට බලපෑමක් වෙන්න පුළුවන් කියන කාරනය අපිට දැන්  පැහැදිලි .

හරි අපි දැන් ජෝතිශ්‍යයේ එන කරුනු කීපයකට, විද්‍යාත්මකව පිළිතුරු හොයමු


ජෝතිශ්‍යයේදී අපේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක ගැන විතරක් කතාකරන්නෙ ඇයි?

මේකට උත්තරෙත් මම ඉස්සෙල කිව්ව වගේම නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණ සමීකරණයේ ගැබ් වෙලා තියෙනව. ඒ සමීකරණයට අනුව d ඉතා විශාල වෙනකොට F ඉතා කුඩා අගයක් කරායනව. තවත් පැහැදිලි කරොත් d වල අගය අනන්තය කරා යද්දි, F වල අගය බිංඳුව කරා යනව. ඉතින් එතකොට අපේ සෞරග්‍රහ මණ්ඩලයෙන් ඉතා ඈත තියෙන වස්තු වලින් මිනිසට(පෘථිවියට) සිදුවෙන බලාපෑම ඉතාම කුඩයි කියල සළකල ඒක නොසළකාහරින්න පුළුවන්. අන්න ඒ හේතුව නිසා අපේ සෞරග්‍රහ මණඩලයෙන් එපිට ග්‍රහ වස්තු ගැන වැඩි සැළකිල්ලක් නොදක්වනව ඇති කියලයි මටනන් හිතෙන්නෙ.සෞරග්‍රහ මණඩලයේ, පෘථිවියට ඈතින්ම තියෙන ග්‍රහ වස්තුව තමයි ප්ලූටෝ. ඒ අනුව පෘථිවියේ ජීවත් වෙන මනුස්සයෙක්ගෙ කේන්දරේට අඩුම බලපෑමක් කරන්න ඕනෙ මෙන්න මේ ග්‍රහය නේද? ඒ වගේම අපේ සෞරග්‍රහ මණ්ඩලයේ අපිට කිට්ටුවෙන්ම තියෙන සිකුරුගෙ බලපෑම වැඩි වෙන්න ඕනෙ නේද?. මෙතනදි ස්කන්ධයේ විශාලත්වය(m) ත් බලපානවනෙ. ඉතින් එතකොට විශාල ග්‍රහයන්ගෙන් ඇතිවෙන බල පෑම වැඩි වෙන්නත් ඕනෙ. ඒ අනුව බ්‍රහස්පති, සෙනසුරුගෙ බ පෑම වැඩි වෙන්න ඕනෙ. ජෝතිශ්‍ය අනුවනන් මම දන්නෙ නෑ. ඒත් විද්යාත්මකව ඒක එහෙම වෙන්න ඕනෙ. මගේ තර්කය හරිනන්.ජෝතිශ්‍ය දන්න අය මම හරිද වැරදි ද කියල කිව්වනන්.


කාලෙන් කාලෙට ග්‍රහ පිහිටීම වෙනස් වීම, කෙනෙකුට බලපාන්නෙ කොහොමද?

මේ සිද්ධියත් උඩදි අපි කතාකරපු සමීකරණයෙනුයි, දෛශික ආකලනය කිරීමේ මූලික දැනුමයි පාවිච්චි කරල බොහෝම පහසුවෙන් විසඳගන්න පුළුවන්. අපි උදාහරණයකට පහතින් දැක්වෙන රූප සටහන ගමු.



මෙතන බල දෙක අතර තීටා(කෝණය) අගය වෙනස් වෙනකොට සම්ප්‍රයුක්ත ගුරුත්වජ බලය(R) වෙනස් වෙනව කියල ඕන කෙනෙකුට තේරුන්ගන්න පුළුවන්නෙ?. එතකොට ග්‍රහලෝක හා ග්‍රහ වස්තු විවිධ ස්ථාන වල පිහිටද්දි ඒ ඒ අවස්ථාවට අදාල සම්ප්‍රයුක්ත බලය වෙනස් වෙනව. ඒ නිසා යම් පුද්ගලයෙක් මත ක්‍රියාකරන බලය ග්‍රහ වස්තුවල පිහිටීම නිසා වෙනස්වන බව පැහැදිලි. මේ නිසා වෙන්න ඇති ජෝතිශ්‍යයේදි කියන්නෙ ඔන්න දැන් සෙනසුරු අහවල් ග්‍රහයත් එක්ක එකට ඉන්නෙ, ඒ නිසා හොඳ කාලයක් උදා වෙනව කියල.


එකම වෙලාවෙ ඉපදුණු ළමයි දෙන්නෙකුට ග්‍රහයොන්ගෙ බලපෑම වෙනස් විදිහට ඇති වෙන්නෙ කොහොමද?


මේ කරුන විද්‍යාත්මකව සනාථ කරන්න පුළුවන් කිව්වොත් කෙනෙක් පුදුම වෙයි. ඒත් අපේ කෝකටත් වටින නිව්ටන්ගේ සමීකරණයෙන් මේ කරුණත් සනාථ කරන්න පුළුවන්. අපි මේකෙ පළමු අවස්ථාව හැටියට රටවල් දෙකක ඉපදෙන ළමයි දෙන්නෙක් ගමු. අපි හිතමු ළමයි දෙන්න ඉපදෙන්නෙ, එක්කෙනෙක් සමකාසන්න රටක, අනිත් කෙනා උත්තරධ්‍රැවයෙ කියල. එතකොට සූර්යයා(රවි සමකයට කෙලින්ම වගේ පිහිටන නිසා ඒ ළමයට ඇතිවෙන් F බලයේ අගය උත්තරධ්‍රැවයේ ඉපදෙන ළමයට වඩා වැඩියි(දුර අතර වෙනස නිසා). අනික මේ අවස්ථාවෙදි ස්ථාන දෙකට සාපේක්ෂව ග්‍රහ වස්තුවල පිහිටීම වෙනස්(මම හිතනව ඒ කාරනය හිතින් මවා ගන්න  පුළුවන් කියල. පහත රූප සටහන් ඒකට රුකුලක් වෙයි)


ඇත්තටම එකම මොහොතෙ, එකම තැන ඉපදෙන ළමයි දෙන්නෙකුට ග්‍රහයන්ගෙන් වෙන බල පෑම වෙනස් වෙන්න පුළුවන්. ඒක වෙන්නෙ මෙහෙමයි, ඉපදෙන ළමයි දෙන්නගෙ ස්කන්ධය වෙනස් ඒ නිසා, ළමයි දෙන්න මත ඇති වෙන ගුරුත්ව බලය වෙනස්. ඒ කියන්නෙ එතන ඉඳන් ළමයි දෙනන මත ක්‍රියාත්මක වෙන ග්‍රහ බල පෑම වෙනස් වෙනව නේද?

මෙන්න මේ විදිහට ජෝතිශ්‍ය කියන විශයේ අපි හැමෝම පොදුවේ දන්න කරුණු කීපයකට උත්තර නූතන විද්‍යාවෙන් සපයන්න පුළුවන්. ගුරුත්ව විභවය කියන සංකල්පය පැත්තෙන් හිතල උනත් මේ කරුණු වලට උත්තර හොයන්න පුළුවන්. කොහොම උනත් මම හිතනව ඔයගොල්ලොත් දැන් ජෝතිශ්‍ය ගැන යම් නිගමනයකට ඇවිල්ල ඇති කියල. අඩුම ගානෙ විද්‍යාත්මක පැත්තෙන් මේ ගැන හිතන්න පුළුවන් නේද කියන කාරනය ඔළුවලට වැටෙන්න ඇති කියල මම හිතනව.
අන්තිමට මටනන් කියන්න තියෙන්න ජෝතිශ්‍ය හරියට පාවිච්චි කරාට කමක් නෑ, හැබැයි ඒක ඔළුව උඩ තියාගෙනනන් ජීවිතේ ගෙනියන්න එපා.