මෙම
දැවැන්ත ගුවන් තොටුපල ගොඩනැගීමට ඔසාකාහි දකුණු ප්‍රදේශයේ විශාල කඳු 3ක්
සම්පූර්ණයෙන් ම සමතලා කිරීමට අදාල ව්‍යාපෘති භාර ඉන්ජිනේරුවන්ට සිදු
විය.මීට අමතර ව මගී ප්‍රවාහන පහසුව උදෙසා ඔසාකා වරායේ සිට කි.මි 5ක් දිග
පාලමක් ගොඩනැගීමට ද සිදු විය.
මෙම
විශිෂ්ට නිර්මාණය සිදු කිරීම ඉතා අපහසු මෙන් ම අධික මුදලක් වැය වූ
ව්‍යාපෘතියක් වූයේ මෙය හුදෙකලා පෙදෙසක,ශබ්ද දූෂණය අවම වන පරිදි,අනාගතයේ දී
අවශ්‍ය නම් විශාල කළ හැකි වන සේ ඉදි වූ ගුවන් තොටුපලක් වීමයි.එමෙන් ම මෙහි
යොදා ඇති ඇතැම් තාක්ෂණික ක්‍රම අනාගත ලෝකයට වුව සරිලන පරිදි සකසා තිබීම ද
විශේෂත්වයකි.
1වන
අදියර යටතේ ගුවන් තොටුපල සහිත දූපත සම්පූර්ණයෙන් ම ආවර්නය වන පරිදි මේ වන
විට ඉදිකිරීම් කටයුතු කර තිබුණත් 2වන අදියරේ ඉදිකිරීම් සිදු කිරීමේ දී
කෘතීම ලෙස දූපතේ වපසරිය විශාල කොට එහි ඉදිකිරීම් සිදු කිරීමට ගුවන් තොටුපල
භාර බලධාරීන් බලාපොරොත්තු වේ.