Friday, October 22, 2010

දුම්රියක චලිත ආනතිය

1960 ගණන්වල සිට දුම්රි-ආනති ක්‍රමය(Tilting Trains) භවිතා වුවද ඉතා වේගයෙන් ගමන් කිරීමේදී මගීන්ට සිදුවන අපහසුතාවය අවම වන පරිදි මෙම ක්‍රමය තාක්ෂණික දියුණුවක් ලැබුවේ මෑත වකවානුවේදීය.එහි ප්‍රතිඵලයක් වශයෙන් වර්තමානයේ දී කාර්මික වශයෙන් දියුණු බොහෝ රටවල් වල අවධානය මෙම දුම්රි-ආනති ක්‍රමය වෙත යොමු වී ඇත.


 වංගුවක් තුළින් දුම්රිය ගමන් කිරීමේදී වංගුවෙන් ඉවතට ඇතිවන කේන්ද්‍ර- අපසාරී බලය දුම්රියේ ආනතිය නිසා වංගුව දෙසට ඇතිවන බලයෙන් සංතුලනය වීම හේතුවෙන් දුම්රිය තුළ සිටින මගීන්ට කිසිඳු අපහසුතාවයක් නොදැනේ

වර්තමාන පරිගණකගත දුම්රි-ආනති පද්ධති පාලනය වන්නේ ස්වයං-සිසැරුම් ක්‍රමය මගිනි.දුම්රිය ව්‍යුහයේ වර්ධනයත් සමග පීලි මගින් ඇතිවන අමතර බලයත්,ස්වයං-සිසැරුම් ක්‍රමය නිසා ඇතිවන අනවශ්‍යය තෙරපුමත් අවම කිරීම මගින් දුම්රියේ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු විය.

වර්තමාන දුම්රි-ආනති තාක්ෂණය නිසා ඒවා ක්‍රියා කරවන්නන්ට දුම්රියේ උපරිම වේගයට ඉතා පහසුවෙන් ළගා වීමට අවස්ථාව ලැබී ඇති අතර දුම්රියේ මෙන් ම දුම්රිය මාර්ගවලට ඇති වන හානිය ද මෙම ක්‍රමය නිසා ඉතා අවම අවම තත්වයක පවතී.

No comments:

Post a Comment