Friday, October 22, 2010

විදුලි මෝටර් රථ

1995 දී ෆර්ජෝ සමාගම ෆර්ජෝ 106(ඉලෙක්ට්‍රික්) නමින් විදුලි මෝටර් රථයක් සාමාන්‍ය ජනයාගේ පෞද්ගලික භාවිතයට වෙළඳ පොළට නිකුත් කරන ලදී.සුලභ ව භාවිත වන පෙට්‍රල් හා ඩීසල් මෝටර් රථ මෙන් නොව විදුලි මෝටර් රථ වලින් පරිසර දූෂක හා පරිසරයට අහිතකර කිසිවක් මුදා නොහරී.විදුලි මෝටර් රථ වල ඇති තවත් වාසියක් නම් ඒවායේ එන්ජින්වල ආයු කාලය දීර්ඝ වන අතර කාර්මික වශයෙන් ගත් කල ඒවායෙන් මෝටර් රථය භාවිත කරන්නාට මුහුණ දීමට සිදුවන අපහසුතා ඉතා අවම වීමයි.

 106(ඉලෙක්ට්‍රික්) මෝටර් රථයේ උපරිම වේගය 90 කි.මි/පැය වන අතර පූර්ණ ලෙස ආරෝපිත බැටරියකින් කි.මි 80ක් ආවරනය කළ හැක.අඩු උපරිම වේගයක් පැවතීම හා පූර්ණ ආරෝපිත බැටරියකින් ආවර්ණය කළ හැකි දුර ප්‍රමාණය අවම වීම යන අවාසි නිසා පාරිභෝගිකයා තුළ ඇතිවන අප්‍රසාදය මග හැර වීම උදෙසා 106(ඉලෙක්ට්‍රික්) මෝටර් රථය ක්‍රමක් ක්‍රමයෙන් දියුණු කිරීමට දැන් පර්යේෂණ කටයුතු දියත් කර ඇත.

මෙම නූතන වාහනය පෙට්‍රල් හා ඩීසල් වාහන වලට ආදේශකයක් ලෙස පියවරෙන් පියවර නවීකරණය වෙමින් පවතී.කෙසේ වෙතත් විදුලි මෝටර් රථවලට සමගාමීව සූර්ය බලයෙන් ක්‍රියාත්මක මෝටර් රථ ද මෑත ඉතිහාසය තුළ සැළකිය යුතු තාක්ෂණික දියුණුවක් ලබා ඇත.


විදුලි මෝටර් රථයක බැටරිය

කෝශ 20කින් යුත් බැටරි පද්ධතියක් මේ සඳහා භාවිතා වේ.ප්‍රවේගය 0-50 කි.මි/පැය දක්වා ත්වරණය කිරීමට තත්.8.3ක් ගත වන අතර 90 කි.මි/පැය ක උපරිම වේගයකට එළඹිය හැක.මෙම බැටරිය භාවිතයෙන් ආවර්ණය කළ හැකි මුළු දුර කි.මි 80 කි.බැටරිය ආරෝපණයට විශේෂිත උපකරණයක් ද ඇත.2011 වසරේ දී හඳුන්වා දුන් නවතම මෝටර් රථ,මීට පෙර හඳුන්වා දුන් මෝටර් රථවලට වඩා මිලෙන් අධික වන අතර එයට ප්‍රධානම හේතුව මෙහි අඩංඟු ලිතියම් අයන බැටරියයි

නැවත ආරෝපණය 


 ඉහතින් සඳහන් කළ බැටරිය ඕනෑ ම 220v/16 amp සොකට්ටුවක් භාවිත්යෙන් යළි ආරෝපණය කළ හැකි අතර බැටරිය සම්පූර්ණයෙන් ම ආරෝපණයට දළ වශයෙන් පැය 6ක් ගත වේ.ඇතැම් රටවල,බැටරිය යළි ආරෝපණය කිරීමට පහසුකම් ඇති මධ්‍යස්ථාන ඇති අතර ඇතැමුන් නිවස තුලදී විශේෂිත උවාරණයකින් බැටරි ආරෝපණය සිදු කරයි.යුරෝපීය රටවල මෙම තාක්ෂණය කෙමෙන් කෙමෙන් ප්‍රචලිත වීමත් සමගම,ප්‍රධාන නගර ආශ්‍රිතව  ආරෝපණ මධ්‍යස්ථාන ඉදිවීමේද යම් වර්ධනයක් දැකිය හැක.


වර්තමානය වන විට විදුලි මෝටර් රථ ජනයා අතර එතරම් ප්‍රචලිත නොවුනත් එය කෙමෙන් කෙමෙන් හෝ සාමාන්‍ය ජනයා අතර ජනප්‍රිය වීම ඉතා වැදගත් වන්නේ ඉතා ශීග්‍රයෙන් සිදුවෙන පරිසර දූශණයට මෙය කදිම ප්‍රතිකර්මයක් වීමයි.

No comments:

Post a Comment